උඩරට යන ගමන හෙමින්

අගෝ 16, 2023

    ඉහළකෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

    මේ හේතුවෙන් දුම්රිය 07ක ධාවන මේවන විට ප්‍රමාද වී ඇති බවයි,දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    කොළඹින් පිටත්වන දුම්රිය රඹුක්කන දක්වා පමණක් ධාවන වන අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය කඩුන්නාව දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ‍.

    ගස ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දුම්රිය මාර්ගයෙන් පහළ කොටසේ නිවාස ඇති බැවින් ඒ සඳහා පැය කිහිපයක් ගත වනු ඇති බවයි,දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News