දුම්රියෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් තරුණයාට වන්දි මුදලක්

සැප් 13, 2023

    දුම්රිය රියදුරන් පිරිසක් විසින් ඊයේ (09/11) දින ක්‍රියාත්මක කරන ලද හදිසි වැඩවර්ජනය හේතුවෙන් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි දිනිත් ඉඳුවර පෙරේරා සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

    මෙවැනි අනතුරක් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා නීතිමය පසුබිමක් නොමැති වුවත්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමට අනුව, ජනාධිපති ලේකම්තුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමාගේ දැනුවත් කිරීම පරිදි, කැබිනට් අනුමැතියට යටත්ව කරුණාසහගත ගෙවීමක් ලෙස මෙම මුදල ජීවිතක්ෂයට පත් තරුණයාගේ පවුලේ සාමාජිකයින් වෙත අද (09/13) දින පිරිනැමීමට නියමිතයි.

    මාධ්‍ය ඒකකය
    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය

    Latest News