දුම්රිය සේවය අධිකාරියක් කිරීමේ යෝජනාව කැබිනට්ටුවට

ජූලි 25, 2023
    ශ්රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම්වරයා ප්රමුඛ කමිටුවක් පත්කර තිබෙන බව වාර්තා වනවා.

    විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වාර්තාව සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බව ද සඳහන්.

    ඒ අනූව, ශ්රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීමට අදාළ යෝජනාව විෂය භාර අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වනවා.
     
    ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා ලෙස වෘත්තීය සමිති දැනුවත් කර ඇති බවත්, එසේ නොමැතිව ජනතාව අතරමං කරන ආකාරයේ වෘත්තීය ක්රියාමාර්ග ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කළ යුතු බවයි අමාත්යවරයා ඊයේ මාධ්ය වෙත ප්රකාශ කළේ.

    Latest News