දුම්රියේ වහලය මත සිටි තරුණයෙකු අද අනතුරකින් ජීවිතක්ෂයට

සැප් 12, 2023

    මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

    මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙරේරා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබෙනවා.

    ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ අයෙක් බවත්, මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධව පාඨමාලාවක් හදාරණ අයෙක් බවත් තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.

    එම තරුණයා දුම්රිය වහලය මත සිටිය දී ගසක හෝ වයරයක වැටෙන්නට ඇතැයි අනුමාන කරන බවත් මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.

    අද (12) ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමෙන් ජනතාව අපහසුතාවයට ලක්ව ඇති ආකාරය ද අද උදෑසන සිට දක්නට ලැබුනා.

    Latest News