උඩරටට යන දුම්රිය ප්‍රමාදයක්

ජූලි 05, 2023

    උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

    මෙම ප්‍රමාදයට හේතුව වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලි පැනීමකි.

    දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව තිබෙනවා.

    මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර තිබේ.

    මේ අතර කුඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.

    Latest News