මිය යන විට ඇය පසු වූයේ, 61 වැනි වියේ. දේහය අංක 172 / 3 සුහද මාවත කොතලාවල කඩුවෙල නිවසේ අද පස්වරුවේ සිට තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු ලබන සඳුදා කඩුවෙල, කොතලාවල ගැමුණුපුර පොදු සුසාන භූමියේදී සවස 6.00ට සිදු කිරීමට නියමිතයි. කලක සිට රෝගාතුරව සිටි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, මිය යන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.
හම්බන්තොට මුල්කිරිගලදී 1964 වසරේ උපත ලබා ඇති ඇය, මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ ආදී ටෙලිනාට්‍ය රැසකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා. සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායක වුණා. ඒ, සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට සඳහායි. එක් දරු මවක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, යොවුන් රංගන ශිල්පිනී තිසුරි යුවනිකාගේ මවයි.