ජාතික තව්හිඩ් ජමාඅත් සංවිධානය සමඟ සම්බන්ධතාවක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනෙකු 28 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් 64 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් (JMI) සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

තහනම් කර ඇති තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉස්ලාම් ආගම ඉගැන්වීම සිදුකළ අයෙක් බව පොලිසිය පවසයි.

පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතාට අයත් පුත්තලම, ටිල්ලඅඩි නිවස ඊයේ (19) විශේෂ පරික්ෂාවකට ලක්කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත සහරාන් සමග නුවරඑළිය හා හම්බන්තොට පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් (JMI) සංවිධානයේ තවත් 3ක් අම්පාරේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට නායකත්වය සැපයු තවුහිද් ජමාත් නායක සහරාන් හෂිම්ගේ සමීපතමයින් දෙදෙනෙකු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජමාල් ඩී. ජවුශාඩ් නමැති පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා දී තිබේ.

හොරොව්පතාන පොලිසියේ අත්අඩංගුවට පත් තවුහිද් ජමාත් නායක සහ්රාන් හෂීම්ගේ සමිපතමයින් දෙදෙනා පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරිමට අධිකරණයෙන් අද අවසර දී තිබේ.

Update : ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වීමට අත්අඩංගුවට ගත් පානදුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Latest News