Menubar

තවුහිද් ජමාත් 02ක් අම්පාරේදි අත්අඩංගුවට (විඩියෝ)

අගෝ 27, 2019
  • රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් (JMI) සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන්ගේ නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුරේ පුහුණුව ලැබු බව තොරතුරු අනාවරණය වි තිබේ.

    අත්අඩංගුවට පත් එක් අයෙකු මුහම්මදු රයිසුද්දින් අබ්දුර් රහ්මාන් වන අතර ඔහු අංක 65, වත්තෙගෙදර, පොල්ගොල්ල ලිපිනයේ පදිංචි අයෙකි. ත්‍රස්තවාදී සංවිධානය විසින් මොහුව අබු අනස් යන අනුවර්ථ නාමයෙන් හදුන්වා ඇත.

    සෙයිනුල් ආබ්දින් හෆ්සල් අනෙක් සැකකරු වන අතර ඔහු, අංක ඒ 123/5, කෝන්දෙනියගොඩ, මාවනැල්ල ලිපිනයේ පදිංචි අතර ත්‍රස්තවාදී සංවිධානය විසින් අබු රාවා යන අනුවර්ථ නාමයෙන් හදුන්වා ඇතැයි පොලිසිය පවසයි.

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 16:36

    Latest News