ජාතික තවුහීද් ජමාත් සාමාජික පාර්ලිමේන්තු භාෂා පරිවර්තකට රැඳවුම් නියෝග

මැයි 20, 2019

    ජමාල් ඩී. ජවුශාඩ් නමැති පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා දී තිබේ.

    ජාතික තවුහීද් ජමාත් සංවිධානයට ඔහු සම්බන්ධ බවට යන සැකය මත කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අනුව දින 90 ක කාලයක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අවසර ලබා දී ඇති බව කුරුනෑගල පොලිසිය පවසයි. සැකකාර පාර්ලිමේන්තු භාෂා පරිවර්තක නිලධාරියා තවුහිද් ජමාත් සංවිධානයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු බව අනාවරණය වී තිබේ.

    එමෙන්ම ඔහු ජාතික තවුහීද් ජමාත් සංවිධානය විසින් දිවයින පුරා පවත්වන ලද දේශනා මාලාවේ ප්‍රධානතම දේශකයෙකු ද වන බව වාර්තා වෙයි. ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මොහුව පසුගිය සිකුරාදා පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇත. හතලිස් දෙහැවිරිදි මොහු කැකිරාවේ උපන් අයෙකු වන අතර දැනට තලවතුගොඩ ප්‍රදේශයේ පංදිචිව සිටින බවට පරික්ෂණ අනුව තාහුරුවි තිබේ.

    Latest News