තවිහිද් ජමාත් සැකකරුවන් 61ක් රක්ෂිත බන්ධනාගාරයට

ජන 14, 2020

    ජාතික තව්හිඩ් ජමාඅත් සංවිධානය සමඟ සම්බන්ධතාවක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනෙකු 28 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    නුවරඑලියේ පිහිටි ජාතික තව්හිඩ් ජමාඅත් මුලස්ථානයේ ආයුධ පුහුණු ලැබූවේ යැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ කාත්තාන්කුඩි පදිංචිකරුවන් පිරිසකි.

    මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ. සි. රිස්වාන් මහතා වෙත අද (14) ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කළ විමර්ශන අනුව මොවුන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Latest News