තව්හිද් ජමාත් සබඳතා පැවැත්වූ මැණික් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට...... මැයි 10 දක්වා රිමාන්ඩ්

මැයි 07, 2019

    Update : ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වීමට අත්අඩංගුවට ගත් පානදුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    තව්හිද් ජමාත් සබඳතා පැවැත්වූ මැණික් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට...... 2017මුදල් ලබා දීලා - 13:35

    ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ මැණික් ව්‍යාපාරිකයෙකු පානදුර, වත්තල්පොල, හේනමුල්ල ප‍්‍රදේශයේදී පානදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකාර මැණික් ව්‍යාපාරිකයා මෙම සංවිධානයට 2017 වසරේ සිට මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි. ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ගෙන ඇත. සැකකාර මැණික් ව්‍යාපාරිකයා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 18:22

    Latest News