තවුහිද් ජමාත් නායකයාගේ ගෝලයින් 18 ගේ නම් හෙලිවේ......ඇල්ලු 02ක් විදුහල්පතිවරුන්

මැයි 17, 2019

    හොරොව්පතාන පොලිසියේ අත්අඩංගුවට පත් තවුහිද් ජමාත් නායක සහ්රාන් හෂීම්ගේ සමිපතමයින් දෙදෙනා පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරිමට අධිකරණයෙන් අද අවසර දී තිබේ.

    මොවුන් දෙදෛනා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග සමග සමීප සම්බන්ධතා පැවැත් වූ විදුහල්පතිවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුවේ.

    ඔවුන් හොරොව්පතාන කපුගොල්ලෑව පදිංචි නූර් මොහොමදු අද්දාර් යුර් නමැති විදුහල්පති වරයා සහ රත්වැව කපුගොල්ල පදිංචි අබ්දුල් ජබාර් නිජාම් නැමති වැඩබලන විදුහල්පති වරයකු යන දෙදෙනෙකු බව හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි. ජී. එස්. ආර්. සංජීව මහතා පැවසීය. ත්‍රස්තවාදී නායක සහරන් සමඟ ඉතා සෘජු සම්බන්ධකම් මෙම පුද්ගලයන් විසින් පවත්වා තිබෙන බවත් ත්‍රස්තවාදී සංවිධාන විසින් විශාල වශයෙන් මුදල් ලබාගෙන මුස්ලිම් අන්තවාදී දේවස්ථාන ඉදිකළ බවට ද මෙම පුද්ගලයන්ගෙන් තොරතුරු අනාවරණය වී තිබීම විශේෂත්වයකි.

    2016 වසරේ සහරාන්ගේ දේශනවලට මෙම පුද්ගලයන් සහභාගි වී සිටි බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ. එමෙන්ම සහරාන්ගේ දේශන හා සාකච්ඡා වලට සහභාගී වූ තවත් 18 දෙනෙකු පිළිබඳව තොරතුරු මොවුන්ගෙන් හෙළිවී ඇතැයි හොරොව්පතාන පොලීසිය කියයි .

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 17:53

    Latest News