SB ගේ පැමිණිල්ලකට ඇමති රිෂාඩ්ගේ පුත්තලම නිවසේ සෝදිසියක්

අගෝ 20, 2019

    පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතාට අයත් පුත්තලම, ටිල්ලඅඩි නිවස ඊයේ (19) විශේෂ පරික්ෂාවකට ලක්කර තිබේ.

    පාස්කු ප්‍රහාරයෙන් පසු පැමිණිලි භාර ගැනීමට පොලිස් මුලස්ථානයේ පිහිටුවා තිබු විශේෂ කමිටුව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක මහතා විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව කළ පැමිණිල්ලකට අනුව මෙම සෝදිසි කිරිම කළ බව පොලිස් මුලස්ථානය පවසයි.

    අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ මහතාගේ පුත්තලමේ පිහිටි නිවසේ අවි ආයුධ සඟවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක මහතාගේ පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර තිබිණ.

    එම පැමිණිල්ල අනුව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මගින් ඊයේ (19) දින සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් කිසිදු අවි ආයුධයක් සොයා ගැනීමට නොහැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 20:23

    Latest News