මරාගෙන මැරෙන්න පුහුණු වු තවුහිද් ජමාත් 02ක් මාට්ටු

ජූනි 14, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට නායකත්වය සැපයු තවුහිද් ජමාත් නායක සහරාන් හෂිම්ගේ සමීපතමයින් දෙදෙනෙකු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ යුධ හමුදාව එක්ව සිදුකළ රහසිගත මෙහෙයුමකින් මොවුන් දෙනො අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    එක් සැකකරුවෙකු වන්නේ මොහොමඩ් රාසික් මොහොමඩ් රිස්වි නැමැති පරිගණක තාක්ෂණික ශිල්පියෙකු ලෙස නුවර හිඟුල ප්‍රදේශයේ සේවය කඝ අයෙකි. අනෙක් සැකකරු මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් නැමැත්තෙකු වන අතර ඔහු රියදුරෙකු ලෙස කටයුතු කළ අයෙකි.

    මොවුන් දෙදෙනා මරාගෙන මැරෙන දිව්රුම් දී ඇති සහ අවි පුහුණුව ලබා ඇති බව මුලික පරීක්ෂණ වලින් අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි. මොවුන් දෙදෙනා සහරාන් හෂිම් විසින් සංවිධානය කෙරුණු දේශනවලටද සහභාගී වී ඇති බවත් අනාවරණය වී ඇත.

    Latest News