සහරාන් සමඟ පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට

අගෝ 15, 2019

    රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත සහරාන් සමග නුවරඑළිය හා හම්බන්තොට පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් (JMI) සංවිධානයේ තවත් 3ක් අම්පාරේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකෙරුණේ රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරිතුමන්ගේ  උපදෙස් මත අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින්. 

    1. මොහොමඩි තාසිම් මොහොමඩ් අකීල්
    අංක 152/2, මුරැතවෙල, මාවනැල්ල

    (මොහු සහරාන් විසින් විසින් පැවැත්වු නුවරඑළිය පුහුණු කදවුරට සහභාගි වි ඇති අතර ත්‍රස්තවාදී සංවිධානය විසින් මොහුට අබු සුලෙයිමාන් යන අනුවර්ථ නාමය ලබා දි ඇත. )

    2. හිස්බුල්ලා ඛාන් හුස්නි අහමඩ්
    160/1, අලුත් නුවර පාර, හිගුළ. මාවනැල්ල

    (මොහු සහරාන් විසින් පැවැත්වු නුවරඑළිය පුහුණු කදවුරට සහභාගි වි ඇති අතර ත්‍රස්තවාදී සංවිධානය විසින් මොහුට අබු හම්දාා යන අනුවර්ථ නාමය ලබා දි ඇත . )

    3. අබිදුල් හලිම් මොහොමඩ් හිමාස්
    අංක 152/7 ඒ, මුරැතවෙල, මාවනැල්ල

    (මොහු සහරාන් විසින් පැවැත්වු හම්බන්තොට පුහුණු කදවුරට සහභාගි වි ඇති අතර ත්‍රස්තවාදී සංවිධානය විසින් මොහුට අබු මිප්තා යන අනුවර්ථ නාමය ලබා දි ඇත .

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 14:45

    Latest News