තහනම් ස්ලාම් සංවිධාන ත්‍රස්ත සැකකරුවෙකු අත්අඩංගුවට

අගෝ 25, 2019

    තහනම් කර ඇති තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉස්ලාම් ආගම ඉගැන්වීම සිදුකළ අයෙක් බව පොලිසිය පවසයි.

    59 හැවිරිදි රෂීඩ් අක්බාර් නමැති සැකකරු නිවෙස් වෙත ගොස් ඉස්ලාම් ධර්මය දේශන පවත්වන්නෙකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

    ඉකුත් අප්‍රේල් 21 දා කොළඹ හා අවට ප්‍රදේශවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම හා අන්තවාදී මුස්ලිම් සංවිධාන වලට ශ්‍රි ලංකාව තුළ නැවත ත්‍රස්තවාදය ඇති කිරිම ප්‍රතිසංස්කරණය කිරිම ජාතීන් අතර අසමගිය ඇති කිරිමට ආධාර අනුබල දීම යන කරුණු යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News