තවුහිද් ජමාත් සහරාන් සමඟ අවි පුහුණු වු 64ක් යලි රිමාන්ඩ්

දෙසැ 05, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් 64 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙම සැකකරුවන් අද (05) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කරනු ලැබිණ. එ අනුව මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. සී. රිස්වාන් මහතා මෙම නියෝග නිකුත් කලේය.

    නුවරඑලියේ පිහිටා තිබු ජාතික තව්හිඩ් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැක පිට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් කාත්තාන්කුඩි හි පදිංචිකරුවන් බව වාර්තා වේ.

    Latest News