විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් සහ වෙනත් මගීන් ද ඇතුළුව 718 දෙනෙක් පසුගිය පැය 24 තුළ ගුවන් යානා 11කින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සවුදි අරාබියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 2,400 දෙනක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.

අද (07) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙකු සහ UL 554 දරණ මගී ගුවන් යානය මගින් සයිප්රස් සිට පුද්ගලයින් 201 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

විදෙස් රටවල රැඳීසිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

අද (01) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙක්, Q26944 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 35 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

අද (15) උදෑසන කැනඩාවේ සිට පුද්ගලයින්‌ 130 දෙනෙක්‌ සහ කටාර්‌ සිට පුද්ගලයින්‌ 80 දෙනෙක්‌ මෙරටට පැමිණ ඇත.

අද උදෑසන කටාර් සිට පුද්ගලයින් 46 දෙනෙක් හා ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 79 දෙනෙක්, ජපානයේ සිට පුද්ගලයින් 12 දෙනෙක් අද දිවයිනට පැමිණ තිබේ.

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙක් සාර්ථකව ඉවත් කර ගැනීමට හැකිවී ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ එම අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කළ සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙසයි.

අද (27) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක්, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 52 ක් දිවයිනට පැමිණ තිබේ.

විදේශ රටවල් 3ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙක් අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Latest News