icc

විදේශයන්හි සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

නොවැ 27, 2020

    අද (27) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක්, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 52 ක් දිවයිනට පැමිණ තිබේ.

    UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 191 ක් සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 12 ක් මෙරටට පැමි‍ණ ඇත.

    එසේම, අද (27) දින උදෑසන UL 1208 දරණ මගී ගුවන් යානය මගින් ඉතාලියේ සිට පුද්ගලයින් 75 දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇත.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (27) දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 5,114 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (26) දිනය තුල PCR පරික්ෂණ 12,105 ක් සිදුකර ඇත.

    Latest News