ඉතියෝපියාවේ යුද කලාපයෙන් ලාංකිකයින් 38ක් මුදවා ගනී

නොවැ 27, 2020

    ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙක් සාර්ථකව ඉවත් කර ගැනීමට හැකිවී ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ එම අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කළ සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙසයි.

    ඒ අනූව, ඉතියෝපියාවේ තානාපති කාර්යාලය එම ශ්‍රී ලාංකිකයන් පිරිස යුද කලාපයෙන් මුදාගෙන තිබේ. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත සහ එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා ‍වන්නේ.

    ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලාංකික ජාතිකයන්, නෙබො දිනකින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතය.

    ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය 2020 නොවැම්බර් 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත.

    Latest News