තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජන 01, 2021

    අද (01) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙක්, Q26944 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 35 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

    UL 605 දරණ මගී ගුවන් යානය මගින් ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 290 දෙනෙක් සහ UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඔස්ට්‍රේලියාවේ සිට තවත් පුද්ගලයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්යණස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (01) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 77 ක් තුළ පුද්ගලයින් 5,243 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (31) දිනය තුල PCR පරික්ෂණ 12,592 ක් සිදුකර තිබේ.

    Latest News