විදේශයන්හි සිට අද 385 ක් මෙරටට

දෙසැ 15, 2020

    අද (15) උදෑසන කැනඩාවේ සිට පුද්ගලයින්‌ 130 දෙනෙක්‌ සහ කටාර්‌ සිට පුද්ගලයින්‌ 80 දෙනෙක්‌ මෙරටට පැමිණ ඇත.

    එමෙන්ම තවදුරටත්‌ අද දිනය තුලදී, ජර්මනියේ සිට පුද්ගලයින්‌ 30 දෙනෙක්‌, එක්සත්‌ රාජධානියේ සිට පුද්ගලයින්‌ 48 දෙනෙක්‌, තුර්කියේ සිට පුද්ගලයින්‌ 74 දෙනෙක්‌ සහ නේපාල්‌ සිට පුද්ගලයින්‌ 23 දෙනෙක්‌ මෙරටට පැමිණීමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින්‌ ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධාස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම්‌ කර ඇත.

    අද (15) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධාස්ථාන 79 ක්‌ තුළ පුද්ගලයින්‌ 7,813 දෙනෙකු නිරෝධායනය වෙමින්‌ සිටියි.

    ඊයේ (14) දිනය තුල PCR පරීක්‍ෂණ 13,479 ක්‌ සිදුකර ඇත.

    Latest News