කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සහ දෝහාකටර්වල රැඳී සිටි පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද අලුයම දිවයිනට පැමිණියේය.

කොවිඩ් - 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි හා දෝහ කටාර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම මෙරටට ගෙන්වා ගනු ලැබීය. 

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අද (14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් අද අලුයම 4.00ට පමණ දිවයිනට පැමිණියේය.

සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ලාංකිකයනි පිරිසක් අද (19) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද (07) අළුයම 02.51ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

විවිධ රටවල ගුවන්තොටුපොළ 13ක සිරවී සිටින ශ්‍රී ලාංකියින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශකටයුතු අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී.

දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

Latest News