තවත් ලාංකිකයින් 594ක් දිවයිනට

ජන 04, 2021

    විදෙස් රටවල රැඳීසිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 90 දෙනෙක්,කුවේට් සිට ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙක්, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙක් සහ සිංගප්පූරුවේ සිට 41 දෙනෙක් එලෙස දිවයිනට පැමිණි පිරිස අතර වෙයි.

    ඔවුන් සියලුදෙනාට PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරිණ.

    එමෙන්ම ගතවු පැය 24 තුළ විදෙස් රටවල සේවය කර මෙරටට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් 249 දෙනෙක් යළි රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

    Latest News