තවත් ලාංකිකයින් 339ක් දිවයිනට

සැප් 30, 2020

    විදේශ රටවල් 3ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙක් අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 47 දෙනෙක් ඩුබායි හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

    ඔස්ට්‍රේලියාවේ,මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙක් මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි, අප වාර්තාකරුවන් කියා සිටියේ.

    ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙක් කටුනායකට පැමිණියේ.

    Latest News