තවත් ලාංකිකයින් 201ක් දිවයිනට

ජන 07, 2021

    අද (07) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙකු සහ UL 554 දරණ මගී ගුවන් යානය මගින් සයිප්රස් සිට පුද්ගලයින් 201 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද (07) දිනය තුළ WY 371 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 48 දෙනෙකු, UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 50 දෙනෙකු, PS 685 දරණ මගී ගුවන් යානය මගින් යුක්රේනයේ සිට පුද්ගලයින් 192 දෙනෙකු, TK 730 දරණ මගී ගුවන් යානය මගින් තුර්කියේ සිට පුද්ගලයින් 10 දෙනෙකු, UL 186 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට පුද්ගලයින් 05 දෙනෙකු සහ EK 648 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබී එමීර් රාජ්ය්යේ සිට පුද්ගලයින් 70 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (07) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 76ක් තුළ පුද්ගලයින් 4,912 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (06) දිනය තුල PCR පරික්ෂණ 12,456 ක් සිදුකර ඇත.

    Latest News