ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නව සභාපතිවරයා ලෙස, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් 13 දෙනෙක්, අද විපක්‍ෂයේ අසුන් ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ මහතා, විධායක ජනාධිපතිවරයෙකු ලෙස බලය අතහැර තනතුරෙන් නික්ම යාමට ගත් දුෂ්කර තීරණය සම්බන්ධයෙන් හා රණවිරුවෙකු, ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම, ජනාධිපතිවරයෙකු ලෙස ඉටු කළ සේවයට ආචාර පුද කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 4ක් සපිරීම නිමිත්තෙන් ආසන බලමණ්ඩල රැස්වීම් රැසක් අද පැවැත්විණ. ඊට සමගාමීව තරුණ හා කාන්තා බලමණ්ඩල රැස්වීම් ද සංවිධාන කර තිබිණ. සිව්දෙස සුරැකි සිව් වසර මෙහි තේමාවයි.

'සිව්දෙස සුරැකි සිව් වසර' තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරන ප්‍රධාන ආසන සම්මේලන මාලාව මේ දිනවල පැවැත්වෙයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සම්මේලන මාලාව ඊයේ ආරම්භ විය.

සිව් දෙස සුරැකි සිව් වසර යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සැමරුමට සමගාමීව ප්‍රධාන ආසන සම්මේලන මාලාව අද (19) සහ හෙට පැවැත්වීමට නියමිතයි.

පළාත් සභා අහෝසි කරන්නේ නම්, එහි බලය පළාත් පාලන ආයතනවලට ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව, එම පක්‍ෂ යේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග එක්ව ලාංකීය දේශපාලන ඉතිහාසයේ ශක්තිමත්ව ආණ්ඩුව බිහි කිරීමට තම පක්ෂය සූදානමින් සිටින බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණය සමරමින් දිවයින පුරා ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වමින් එම ජයග්‍රහණය සමරන බවයි අප වාර්තාකරු පවසන්නේ.

සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මෙරට දේශපාලන ව්‍යාපාරයක් ලබා ගත් විශිෂ්ටතම ජයග්‍රහණයට හිමිකම් කීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.

Latest News