ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ඇති කිරීම තම අරමුණ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අස්සන් තැබීම අද (31) සිදුකෙරේ.

ජයග්‍රහණයෙන් පසුව වැඩ කරන, විනය ගරුක ප්‍රතිඵල ගේන, විනිවිධ බාවයෙන් යුතු ආණ්ඩුවක් හදන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

බුද්ධිය කේන්ද්‍ර කර ගනිමින් තරුණ ප්‍රජාව ඇතුළු සියලු ජනතාව බලගන්වා, රටේ ආර්ථිකය ගොඩනංවන බව, ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක අංශවල කටයුතු නිවැරදිව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්‍රසය අතර අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණ.

කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවත්වන මාධ්‍ය හමුවට ඔවුන් එක්නොවන බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම පක්ෂ දෙකේ මහලේකම්වරු විසින් අත්සන් තැබීම සිදුකෙරිණ. 

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් වී ඇත්තේ, පොහොට්ටුව ලාංජනය වෙනස් නොකිරීම බව එම පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ජාවක් මේ වන විට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ආරම්භ වී තිබේ.

Latest News