ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉටු කළ සේවයට ආචාර පුද කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි

ජූලි 15, 2022

    ගෝඨාභය රාජපක්ෂ මහතා, විධායක ජනාධිපතිවරයෙකු ලෙස බලය අතහැර තනතුරෙන් නික්ම යාමට ගත් දුෂ්කර තීරණය සම්බන්ධයෙන් හා රණවිරුවෙකු, ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම, ජනාධිපතිවරයෙකු ලෙස ඉටු කළ සේවයට ආචාර පුද කරන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.



    එදා මෙදා තුර ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු ධුර කාලය නිම වීමට පෙර බලය අතහැර තනතුරෙන් නික්ම යනු ලැබුවේ, පළමු වරටයි.

    ඉතිහාසගත ජනවරමක් සහිතව ජනාධිපතිවරණය විජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට, ධුරයට පත් වී මාස තුනක් ගත වීමටත් පෙර, කොවිඩ් වසංගතයෙන් රට වැසියන් ගලවා ගැනීමේ සංකීර්ණ අභියෝගයට මුහුණ දීමට සිදු වුණා. එම ව්‍යසනය විධිමත්ව කළමනාකරණය කිරීමට ජනාධිපතිවරයා සමත් වූ බව, ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබුණා. දීර්ඝ කාලීන හේතු මත නිර්මාණය වෙමින් තිබූ මෙරට විදේශ විනිමය ගැටලුව කොවිඩ් ව්‍යසනය හමුවේ බරපතල අර්බුදයක් ලෙස වර්ධනය වූයේ ඒ අතරතුරයි.

    රජයට එරෙහි විරෝධයක් නිර්මාණය වන්නේ, ඒ හේතුවෙන් සෑම ක්ෂේත්‍රයකම ඇති වූ දැඩි ආර්ථික දුෂ්කරතා නිසායි. ධුරකාලයෙන් හරි අඩක් ඉතිරිව තිබියදී නික්ම ගිය ගෝඨාභය රාජපක්ෂ මහා පිළිබඳ අනාගත පුරවැසියන්ගේ හෘද සාක්ෂිය තුළින් සංවාදයක් නිර්මාණය වනු ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News