පළාත් සභා ගැන බැසිල් රාජපක්‍ෂ මහතා කිසිදු ප්‍රකාශයක් කර නැහැ - SLPP ප්‍රධාන ලේකම් (වීඩියෝ)

සැප් 15, 2020
  • පළාත් සභා අහෝසි කරන්නේ නම්, එහි බලය පළාත් පාලන ආයතනවලට ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව, එම පක්‍ෂ යේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

    ඔහුගේ අත්සනින් නිකුත් කළ නිවේදනය මේ බව සඳහන්.

    ඉකුත් සැප්තැම්බර් 11 වැනි දින පක්‍ෂ යේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ජාවකදී අදාළ ප්‍රකාශය සිදු කෙරුණු බවට පසුගිය සඳුදා දිනපතා පුවත්පතක් වාර්තා කර තිබිණ. ඒ සම්බන්ධයෙන් ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් ද ප්‍රචාරයක් ලබාදුන් බව සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. එම සාකච්ජාවේදී බැසිල් රාජපක්‍ෂ මහතා එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළ බව නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 20:10

    Latest News