පොදුජන පෙරමුණේ සම්මේලන මාලාව

දෙසැ 20, 2020

    'සිව්දෙස සුරැකි සිව් වසර' තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරන ප්‍රධාන ආසන සම්මේලන මාලාව මේ දිනවල පැවැත්වෙයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සම්මේලන මාලාව ඊයේ ආරම්භ විය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණේ,මහනගර සභා ශාලවේ දී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මින්නේරිය ආසන බල මණ්ඩල රැස්වීම ද ඊයේ පැවැත්විණ. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සංවිධාන කළ රැස්වීමට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ද එක්විය.

    Latest News