ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 4ක්

ජන 23, 2021

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 4ක් සපිරීම නිමිත්තෙන් ආසන බලමණ්ඩල රැස්වීම් රැසක් අද පැවැත්විණ. ඊට සමගාමීව තරුණ හා කාන්තා බලමණ්ඩල රැස්වීම් ද සංවිධාන කර තිබිණ. සිව්දෙස සුරැකි සිව් වසර මෙහි තේමාවයි.

    සියලු රැස්වීම් සංවිධාන කර තිබුණේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, තිස්සමහාරාම ආසන බලමණ්ඩල රැස්වීම අද හම්බන්තොට සිංගප්පූරු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

    එහි ප්‍රධානත්වය දැරුවේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි.

    ප්‍රදේශයේ මහා සංඝරත්නය,ප්‍රාදේශීය සභා සභාපති මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මීට සහභාගී වී සිටියේය.

    Latest News