පොහොට්ටුවට නව සභාපතිවරයෙක්

අප්‍රේ 22, 2023

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නව සභාපතිවරයා ලෙස, ජ්‍යේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබෙනවා.

    පක්ෂයේ මහා සභා රැස්වීමේදී එම පත්කිරීම සිදු කෙරුණු අතර, රැස්වීම, ‍හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, අද පැවැත්වුණේ, පක්ෂ මූලස්ථානයේදී.  පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකඡන්දයෙන් පත් කර ගනු ලැබුවා.

    මීට පෙර එම තනතුරේ කටයුතු කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතායි.  මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ, අද රැස් වූ මහ සභාව කිසිසේත් නිත්‍යානුකූල නොවන බවයි. එම රැස්වීමේදී ගන්නා ලද සියලු තීරණ ශූන්‍ය හා ක්‍රියාවිරහිත වන බවත්, ඒවාට කිසිදු වලංගුභාවයක් නොමැති බවත්, ජී එල් පීරිස් මහතා, නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.  ඔහු අවධාරණය කරන්නේ, එම තීරණ නීතිවිරෝධී බවට ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීරණ වන බවයි.

    Latest News