පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සමරමින් ජනතාව ප්‍රීති ඝෝෂා

අගෝ 07, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණය සමරමින් දිවයින පුරා ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වමින් එම ජයග්‍රහණය සමරන බවයි අප වාර්තාකරු පවසන්නේ.

    මෙවර මැතිවරණයේ වැඩිම මනාප හිමි කර ගත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. පනස් වසරකට අධික කාලයක් දේශපාලනයේ නිරත වූ පරිණත දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පන් ලක්ෂ විසි හත් දහස් තුන්සිය හැට හතරක්.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ සිට මැතිවරණ ප්‍රතිඵල නැරඹූ අතර එතුමා සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය. මැතිවරණ ජයග්‍රහණයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

    නව දේශපාලන ප්‍රවණතාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  මහතා මැතිවරණ කටයුතු මෙහෙයවනු ලැබීය. ඒ සඳහා සහය දැක්වූ සැමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රණාමය හිමි වන බවයි ජයග්‍රහණය සමරමින් බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ.
    ඊයේ දිනයේ කොළඹ නෙළුම් කුළුණ ද ඒකාලෝකවත් කර තිබිණ.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 12:47

    Latest News