පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ එක්ව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට අපි සූදානම්..

අගෝ 07, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග එක්ව ලාංකීය දේශපාලන ඉතිහාසයේ ශක්තිමත්ව ආණ්ඩුව බිහි කිරීමට තම පක්ෂය සූදානමින් සිටින බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    හවුල්කාර පක්ෂ සමග එක්වූ විට මන්ත්‍රී ධුර 150කට වැඩි බලයක් පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කළ හැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුවේ දී ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මෙම ජයග්‍රහණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ජනතාව ලබාදුන් වරමක් බව ද ජී.එල්.පීරිස් මහතා කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 18:55

    Latest News