විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව පිහිටි කල්ලාරු රක්ෂිත කැළෑ හෙළි කොට අනවසර ඉදිකිරීම් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කෙරුණු නඩුවකදී අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

මෙහෙකාර දැරිය පිලිස්සී මිය ගිය සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය ලබන 17 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඒ මහතාගේ මාමණ්ඩිය වන මොහු ෂියාබ්දීන් නැමැත්තා ඇප මත මුදාහරින්නැයි කෙරුණු ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

පාස්කු ප්‍රහාරයේ නඩුවක් සම්බන්ධයෙන් රැඳවුම් බාරයේ සිටි රිෂාඩ් බදුර්දීන් මහතා එම නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරියක වශයෙන් සේවය කළ ජූඩ් කුමාර් ඉශාලිනී නැමැති දැරිය පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒ මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, ඇයගේ සොහොයුරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු යනාදීන් ඇප මත මුදා හැරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිව ලැබී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

විල්පත්තු රක්ෂිතය ආශ්‍රීත කල්ලාරු වනාන්තර කලාපය එළිකරමින් සිදුකර තිබු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා පවසනවා.

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළි කොට අනවසර ජනාවාස ඉදිකිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

Latest News