රිෂාඩ් බදියුදීන් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

සැප් 06, 2021

    මෙහෙකාර දැරිය පිලිස්සී මිය ගිය සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය ලබන 17 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි ජූඩ් කුමාරී ඉශාලිනි නැමැති දැරියක් පිලිස්සී මරණයට පත් වීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය නම් කර ඇත.

    මෙම සැකකරුවන්ට අදාළ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවත් ඔවුන් සාක්ෂි විනාශ කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති නිසාත් ඇප පනත යටතේ ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළා.

    එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රිෂාද් බදුයදීන් හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා වන මොහොමඩ් ඉස්මත් සහ මියගිය දැරිය එම නිවසට ගෙනැවිත් භාරදුන් තැරැව්කරු වන පොන්නයියා පන්ඩාරම් යන අය ඇප මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා.

    Latest News