පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයි මන්නාරම් ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීති විරෝධී විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිස්කාන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු විධිමත් කොට ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශණ අංශයට පැමිණෙන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට දැනුම් දී තිබුණද ඔහු අද ඒ සඳහා සහභාගී වූයේ නැහැ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා ගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්‌ට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස්‌ මූලස්ථානයට ඉදිරිපත්‌ කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේ්ෂ් සේනානායක මහතා හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතයි. 

Latest News