රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට

අප්‍රේ 24, 2021

    හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

    මේ වන විට ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවට අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    Latest News