2019 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සුදු වෑන් මෘධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකිරීම ඇතුළු චෝදනාවලට තමන් නිවැරදි කරුවන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූම් යන අය කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් මැයි මස 11 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

රාජිතට කොවිඩ්

අප්‍රේ 19, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 28 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අප්‍රේල් මස 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට ඔක්තෝම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කළා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් ඔහුගේ නීතිඥ වරු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිශ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කළා.

Latest News