ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියම කළේය.

ඇප අවලංගු කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ පෙත්සම වගා කිරීම සඳහා දින නියම කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණ. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය දෝෂ සහගත යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම තීන්දුව ඉවත දැමීමට නියෝග කළේය.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය දෝෂ සහගත යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම තීන්දුව ඉවත දැමීමට නියෝග කළේය.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධනය පෙත්සමේ තීන්දුව ලබන 16 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තීන්දු කළේය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට එරෙහිව ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීරණය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (13) මධ්‍ය රාත්‍රියේ එම රෝහලෙන් පිටව ගොස් තිබේ.

Latest News