නිරෝධායනය අවසන් කළ 365 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 6කින් අද පිටත්ව යාමට නියමිත බව යුද හමුදාව පවසයි.

ගම්පහ හා යක්කල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට හා ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට අද දින ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වී තිබේ.

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.

මුලතිව්හි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වූ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේය.

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදනෙක් පිටව ගියේය.

ප්‍රංශයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පනවා තිබූ නිරෝධායන නීති බොහොමයක් අද සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මින්නේරිය,කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පිරිසක් අද නිරෝධායන කාලසීමාව අවසන්කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

 සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙක් බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ දක්වා 12,419ක් නිරෝධායන කාලසීමාව සාර්ථකව අවසන් කර පිටව ගොස් තිබේ.

බූස්ස හා කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙක් අද (02) පිටත්ව ගියේය.

Latest News