නිරෝධානය අවසන් 08ක් බූස්ස සහ කල්පිටියෙන් පිටව යයි

ජූනි 02, 2020

    බූස්ස හා කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙක් අද (02) පිටත්ව ගියේය.

    එම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනූව නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කරන ලදි.

    ඒ අනුව, මේ වන විට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 224ක් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් තිබේ. තවදුරටත් පුද්ගලයින් 93ක් පිරිසක් එහි නිරෝධායනය වෙමින් සිටියි.

    කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කර පුද්ගලයින් 24 දෙනෙක් පිටත්ව ගොස් තවදුරටත් පුද්ගලයින් 21 දෙනෙක් එම මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටී.

    Latest News