නිරෝධායනය අවසන් තවත් 16ක් බූස්සෙන් පිටව යයි

ජූනි 14, 2020

     සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙක් බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

    ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ පසු ලබාගෙන සහතිකපත් ලබා දීමට ද නාවික හමුදාව කටයුතු කර ඇත.

    ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 302 ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 86 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

    Last modified on ඉරිදා, 14 ජූනි 2020 13:03

    Latest News