නිරෝධායන අවසන් 365ක් අදත් නිවෙස් වෙත

ජූලි 15, 2020

    නිරෝධායනය අවසන් කළ 365 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 6කින් අද පිටත්ව යාමට නියමිත බව යුද හමුදාව පවසයි.

    ඒ අනූව බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 21 දෙනෙක්, කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙක්ද, දියතලාව මධ්‍යස්ථානයෙන් 137 දෙනෙක් ද, දියතලාව නිවාඩු නිකේතන මධ්‍යස්ථානයෙන් 3 දෙනෙක් ද, දියතලාව යුද හමුදා මධ්‍යස්ථානයෙන් 47 දෙනෙක්ද, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 149 දෙනෙක් ද මෙලෙස පිටව යාමට නියමිත බව හමුදා ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

    Last modified on බදාදා, 15 ජූලි 2020 10:15

    Latest News