ප්‍රංශයේ නිරෝධායන නීති ඉවත් කෙරේ

ජූනි 15, 2020

    ප්‍රංශයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පනවා තිබූ නිරෝධායන නීති බොහොමයක් අද සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළේ.

    ඒ අනූව, ප්‍රංශය තුළ අද සිට කැෆේ සහ අවන්හල් විවෘත කිරීමට අවසර හිමිවෙයි. ගුවන් හා නාවික ගමන් ඔස්සේ අනෙකුත් යුරෝපීය රටවල වෙත ගමන් කරන ජනතාවට ද ඒ සඳහා අවසර ලබා දී තිබේ.

    ප්‍රංශය තුළ කොරෝනා වෛරසය වැඩිහිටි පුද්ගලයන් වෙත ප්‍රබල ලෙස බලපා ඇති බැවින් එරට වැඩිහිටි නිවාසවල පසුවන තම වැඩිහිටියන් බැලීමට යාමටද, අවසර හිමිවන අතර එය ප්‍රංශ ජනතාවට හිමි වූ විශාල නිදහසක් බවයි, විදෙස් වාර්තා සදහන් කරන්නේ. පළමු ජයග්‍රහණය ලෙස නීති ලිහිල් කිරීම දැකගත හැකි වුවද, රෝගය පැතිර යාමේ අවදානමක් තවමත් පවතින බව ජනාධිපති මැක්‍රෝන් මාධ්‍ය හමුවේ දී අවධාරණය කර සිටියේය.

    Last modified on සදුදා, 15 ජූනි 2020 10:41

    Latest News