දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් සංවිධාන කළ ඒකාබද්ධ විරෝධතා පෙළපාලියක් අද කොළඹදී පැවැත්වුණා.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට සහභාගීවන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කර තිබේ.

ගාලුමුවදොර අරගලයේ 119 වැනි දිනය අදයි. අද සවස 5.00ට පෙර නාගරික සංවර්ධන අධිකාරියට අයත් උද්ඝෝෂණ භූමියේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් හා බෝග වගා ඉවත් කර ගන්නා ලෙස, පොලිසිය දැනුවත් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ නිරතවන්නන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් ඊයේ (19) රාත්‍රියේ අට්ටාල ඉදිකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

විශ්වවිද්‍යාල සිසුන් විසින් අද දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අසළ සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කිරීමට නියමිත පා ගමනේ, මං මාවත් කීපයකට ඇතුළුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමනේ නිරතවන සිසුන්ට කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුවට ප්‍රවේශය වන පොල්දූව මංසන්ධියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වීමට නියමිත උද්ගෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

අරලියගහ මන්දිරයේ ඉදිරිපස පදිකවේදිකාව අවහිර වන පරිදි සිදුවන මහජන පීඩාවන් ඉවත් කරන ලෙස ලබාදී ඇති අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළා.

කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව 7 වැනි දිනටත් අඛණ්ඩව පැවැත්වෙනවා.

Latest News