අරගල භූමිය උණුසුම්...ලෝටස් වටරවුම අවහිරයි

ජූනි 20, 2022

    ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ නිරතවන්නන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් ඊයේ (19) රාත්‍රියේ අට්ටාල ඉදිකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

    ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් මාර්ගයේ පිහිටි පිවිසුම් දෙක මෙලෙස අවහිර කර තිබූ අතර මේ වන විට එම අට්ටාල පොලීසිය විසින් ඉවත් කර තිබේ. එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලීසිය හා හමුදාව කැඳවා දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බවද ඔහු පවසයි.

    එම අට්ටාල අසළ විරෝධතාවයේ නිරතව සිටි 19 දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on සදුදා, 20 ජූනි 2022 11:28

    Latest News