අන්තරේ උද්ඝෝෂණය වළක්වන ලෙස ඉල්ලා කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

මැයි 19, 2022

    පාර්ලිමේන්තුවට ප්‍රවේශය වන පොල්දූව මංසන්ධියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වීමට නියමිත උද්ගෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    වැලිකඩ පොලිසිය විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

    පොලිසිය සඳහන් කළේ අදාල උද්ඝෝෂණය හේතුවෙන් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමට තිබෙන අවස්ථාව අවහිර වන බවයි.

    ඒ තුළින් ඔවුන්ගේ වරප්‍රසාද කඩ වීමක් සිදුවන බවත් එබැවින් අදාළ උද්ගෝෂණය පැවැත්වීම වලක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසියේ අධිකරණයෙන් ඉල්ලා සිටිය.

    පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

    එම ස්ථානයේ යම් සාමය කඩවීමේ සිද්ධියක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කටයුතු කිරීමට පොලීසියට හැකියාව පවතින බවද එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

    Latest News