උද්ඝෝෂකයින් 21ක් අධිකරණයට..මුදල් අමාත්‍යාංශ ලේකම්ට IMF සාකච්ජාවලට යෑමටත් බාධා

ජූනි 20, 2022

    ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.

    විරෝධතාවයෙහි යෙදුණු භික්ෂුවක්,කාන්තාවන් හතර දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් ඊට අයත්.

    ගාලු මුවදොර සිටින විරෝධතාකරුවන් විසින් ඊයේ (19) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ලෝටස් මාවත දෙසින් භාවිත කරමින් තිබූ දොරටු දෙක අවහිර කර තිබිණ. අනතුරුව අද උදෑසන වන විටත් ඔවුන් එම ස්ථානයේ රැඳෙමින් මුදල් අමාත්‍යාංශය මෙන්ම මහ භාණ්ඩාගාරය සඳහා භාවිත කරමින් තිබූ දොරටු දෙක ද අවහිර කිරීමට කටයුතු කර තිබේ.

    පිවිසුම් දොරටු ඉදිරිපිට කුඩාරම් ද ඉදි කර විරෝධතා දැක්වීම නිස එම කාර්යාලවල අත්‍යවශ්‍ය සේවා සදහා වාර්තා කරන නිලධාරීන්ට මෙන්ම අවශ්‍යතා සඳහා පැමිණි මහජනතාවට කාර්යාල තුලට යාමටත් පිටතට පැමිණීමටත් නොහැකි විය.

    මෙලෙස දොරටුව අවහිර වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල පිරිස සමග මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සහභාගීවීමට තිබුණු සාකච්ජාවලට පිටත්ව යෑමට බාධ එල් වූ බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

    Latest News